බලවත් යාච්ඤාවේ මූලධර්ම
Principles of Powerful Prayer – SIN
“නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක“ (ලූක් 5:16).
යාකොබ් 5:17 හි පවසන පරිදි “එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත්“ බයිබලානුකුල ඉතිහාසය තුල දෙවියන්වහන්සේගේ මහිමාන්විත බලය ප්රකාශකිරීමෙහිලා ඔහු වැදගත් භූමිකාවක් නිරූපණය කළේය (බලන්න යාකොබ් 5:16-18; 1 රාජාවලිය 17 : 17-24, 18: 16-46).
නොඇදහිලිවන්තයන්, සතුරන් සහ එවකට සිටි දේශපාලන නායකයන් සමඟ කටයුතු කිරීමේදී එලියා මෙතරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක හේතු වූයේ කුමක්ද? දෙවියන්වහන්සේ එලියා පාවිච්චි කළ ආකාරයට යමෙකු යොදාගැනීමට නම් ඔහු කිනම් ආකාරයේ පුද්ගලයෙකු විය යුතුද? එලියාට දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවක් හා තමන් තුල අසීමිත බලයක් ක්‍රියාත්මක වීම අත්විඳීමට හේතු වූ ප්‍රතිපත්ති හයක් දැකිය හැක. ඉන් තුනක් ගැන අද අපි අවධානය යොමු කරමු.
පළමුව, තමන්ව පසෙකලා දෙවියන්වහන්සේට ක්‍රියාකිරීමට එලියා විසින් ඉඩදීමේ අවස්ථාවකට උදාහරණයක් ලෙස ශාරපත්හී වැන්දඹුව සම්බන්ධ සිදුවීම ගත හැක. ශාරපත්හී වැන්දඹුව ඔහුට විරුද්ධව වාග් ප්‍රහාර එල්ල කරන විට එලියා තමා ආරක්ෂා කර ගැනීමට ප්‍රති පිළිතුරු දුන්නේ වත් ඇයට විරුද්ධව දේවධර්ම පාඩමක් ගෙනහැර දක්වුවේවත් නැත. ඒ වෙනුවට ඔහු ඇයගේ පුතා තම දෑතට ගෙන ඇයට උපකාර කිරීමට උනන්දු විය. තම පුතාගේ මරණ වේදනාවෙන් හා මිත්‍යාදෘෂ්ටික අන්ධ විශ්වාසයන්ගෙන් ඇය පීඩා විඳිමින් සිටි බව ඔහු දැන සිටියේය. ඇයට වරද තැබීම වෙනුවට එලියා දෙවියන්වහන්සේට ක්‍රියා කිරීමට ඉඩ හැරියේය.
දෙවනුව, එලියා පෞද්ගලිකව හා රහසිගතව දෙවියන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. එලියා දෙවියන්වහන්සේ සමග සමීප සම්බන්ධතාවක් ඇතුව ගමන් කළ අයෙකි. මෙහි සිදුවූ දරුවාගේ මරණය වැනි ඔහු කළකිරීමට පත්කල හැකි අවස්ථාවන් හී තමන්වෙතට පැමිණ කාරණා කථාකිරීම ගැන දෙවියන්වහන්සේ ප්‍රසන්න බව ඔහු දැන සිටියේය. කෙසේ හෝ දෙවියන්වහන්සේ සමග ප්‍රශ්න කරමින් කාරණා විසඳාගැනීම තමාට පමණක් සීමාකරගත් ඔහු දැනටමත් ඇදහිල්ලෙන් දුර්වලව සිටි වැන්දඹුවගේ පොරොත්තු ඇදහිල්ලට තමාගේ කාරණා බාධාවක් නොකිරීමට වග බලාගත්තේය.
තෙවනුව එලියා උනන්ඳුවෙන් යුක්තව යාච්ඤා කළේය. වැන්දඹුවගේ පුතා වෙනුවෙන් ඔහු තුන් වරක් යාච්ඤා කළේය. තමා මුහුණදෙමින් සිටි සිදුවීම පිළිබඳ සම්පූර්ණ අදහසක් නොලද ඔහු නොනවත්වා යාච්ඤා කළේය.
යාච්ඤාව: යහපත් දෙවියන්වහන්ස, එලියාගේ ආදර්ශය නිසා මා ඔබට ස්තූති කරමි. මෙම යාච්ඤාවේ මූලධර්ම මගේ යාච්ඤා ජීවිතයටද අදාල කරගැනීමට මට උපකාර කළ මැනව. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමි.