Principles of Powerful Prayer – SIN
“නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක“ (ලූක් 5:16).
යාකොබ් 5:17 හි පවසන පරිදි “එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත්“ බයිබලානුකුල ඉතිහාසය තුල දෙවියන්වහන්සේගේ මහිමාන්විත බලය ප්රකාශකිරීමෙහිලා ඔහු වැදගත් භූමිකාවක් නිරූපණය කළේය (බලන්න යාකොබ් 5:16-18; 1 රාජාවලිය 17 : 17-24, 18: 16-46).
නොඇදහිලිවන්තයන්, සතුරන් සහ එවකට සිටි දේශපාලන නායකයන් සමඟ කටයුතු කිරීමේදී එලියා මෙතරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක හේතු වූයේ කුමක්ද? දෙවියන්වහන්සේ එලියා පාවිච්චි කළ ආකාරයට යමෙකු යොදාගැනීමට නම් ඔහු කිනම් ආකාරයේ පුද්ගලයෙකු විය යුතුද? එලියාට දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවක් හා තමන් තුල අසීමිත බලයක් ක්‍රියාත්මක වීම අත්විඳීමට හේතු වූ ප්‍රතිපත්ති හයක් දැකිය හැක. ඉන් තුනක් ගැන අද අපි අවධානය යොමු කරමු.
පළමුව, තමන්ව පසෙකලා දෙවියන්වහන්සේට ක්‍රියාකිරීමට එලියා විසින් ඉඩදීමේ අවස්ථාවකට උදාහරණයක් ලෙස ශාරපත්හී වැන්දඹුව සම්බන්ධ සිදුවීම ගත හැක. ශාරපත්හී වැන්දඹුව ඔහුට විරුද්ධව වාග් ප්‍රහාර එල්ල කරන විට එලියා තමා ආරක්ෂා කර ගැනීමට ප්‍රති පිළිතුරු දුන්නේ වත් ඇයට විරුද්ධව දේවධර්ම පාඩමක් ගෙනහැර දක්වුවේවත් නැත. ඒ වෙනුවට ඔහු ඇයගේ පුතා තම දෑතට ගෙන ඇයට උපකාර කිරීමට උනන්දු විය. තම පුතාගේ මරණ වේදනාවෙන් හා මිත්‍යාදෘෂ්ටික අන්ධ විශ්වාසයන්ගෙන් ඇය පීඩා විඳිමින් සිටි බව ඔහු දැන සිටියේය. ඇයට වරද තැබීම වෙනුවට එලියා දෙවියන්වහන්සේට ක්‍රියා කිරීමට ඉඩ හැරියේය.
දෙවනුව, එලියා පෞද්ගලිකව හා රහසිගතව දෙවියන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. එලියා දෙවියන්වහන්සේ සමග සමීප සම්බන්ධතාවක් ඇතුව ගමන් කළ අයෙකි. මෙහි සිදුවූ දරුවාගේ මරණය වැනි ඔහු කළකිරීමට පත්කල හැකි අවස්ථාවන් හී තමන්වෙතට පැමිණ කාරණා කථාකිරීම ගැන දෙවියන්වහන්සේ ප්‍රසන්න බව ඔහු දැන සිටියේය. කෙසේ හෝ දෙවියන්වහන්සේ සමග ප්‍රශ්න කරමින් කාරණා විසඳාගැනීම තමාට පමණක් සීමාකරගත් ඔහු දැනටමත් ඇදහිල්ලෙන් දුර්වලව සිටි වැන්දඹුවගේ පොරොත්තු ඇදහිල්ලට තමාගේ කාරණා බාධාවක් නොකිරීමට වග බලාගත්තේය.
තෙවනුව එලියා උනන්ඳුවෙන් යුක්තව යාච්ඤා කළේය. වැන්දඹුවගේ පුතා වෙනුවෙන් ඔහු තුන් වරක් යාච්ඤා කළේය. තමා මුහුණදෙමින් සිටි සිදුවීම පිළිබඳ සම්පූර්ණ අදහසක් නොලද ඔහු නොනවත්වා යාච්ඤා කළේය.
යාච්ඤාව: යහපත් දෙවියන්වහන්ස, එලියාගේ ආදර්ශය නිසා මා ඔබට ස්තූති කරමි. මෙම යාච්ඤාවේ මූලධර්ම මගේ යාච්ඤා ජීවිතයටද අදාල කරගැනීමට මට උපකාර කළ මැනව. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමි.
God’s Strategies – SIN
“ස්වාමීන්වහන්සේද නුඹලාගේ සිත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත් ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා“ ( 2 තෙසලෝනික 3:5).
එලියා සීමිත සම්පත් ඇති තනි පුද්ගලයෙක් වූ නුමුත් තම ජාතියේ ප්‍රමුඛතාවන් වෙනස් කිරීමට ඔහු සමත් විය. පරාර්ථකාමීව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට රොටිය සාදා දීම මගින් වැන්දඹුවද යම් වෙනසකට බලපෑමක් කළාය. දෙවියන්වහන්සේ විසින් තම සෙනඟගේ හදවත් වල අමුතු මෙහෙයුම් තබන අතර, උන්වහන්සේගේ එම පරමාධිපත්‍යයේ කැමැත්තට ඔවුන් යටත් වන විට එම කීකරුකමට උන්වහන්සේ ආශීර්වාද කරන සේක.
බොහෝ විට දෙවියන් වහන්සේගේ උපාය මාර්ගයන් ගැන අපට අවබෝධයක් නොමැත. උන්වහන්සේගේ මෙන් අසීමිත දැක්මක් නැති මනුෂ්‍යන් වන අපගේ සීමා සහිත බව මෙයට හේතුවයි. විටක දෙවියන්වහන්සේ විසින් එලියා සතුරන්ගේ මරු කටට යවන විට ආහබ් රජුගේ සොල්දාදුවන් ඔහු සොයමින් එහි ඒමට ඇති අවස්ථාව ඉතාමත් විරළ බව උන්වහන්සේ දැන සිටි සේක. තවද සාගතයක් තිබේ යයි බැලූ බැල්මට පෙනෙන ශාරෙපත් වල එලියාගේ කුසගින්නට මිදීම ඇති බව දෙවියන්වහන්සේ දැන සිටි සේක. මේ අතර බාල් නමස්කාර කළ වැන්දඹුව හා ඇයගේ පවුල ගැන තමන්වහන්සේ අවධානය දුන් බව එලායාට පෙන්වාදීමද සැලකිය යුතුය.
බොහෝ පාර්ශව සමග එකම අවස්ථාවේ ක්‍රියාකරන විට දෙවියන්වහන්සේට විවිධ වූ අරමුණු කිහිපයක් ඇති බව දැකිය හැක. උන්වහන්සේගේ මග පෙන්වීම තුල අප ගමන්කරන්නේ නම් උන්වහන්සේගේ ආශීර්වාද ලබමින් තවත් කෙනෙකුට ආශිර්වාදයක් වීමේ අවස්ථාද අපට බොහෝ ඇත.
කරන අතරතුර කිසිම තේරුමක් නැතැයි හැඟුනු යමක් යථාකාලයේ දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යයෙන් සැලසුම් කළ දෙයක් බව ඇදහිල්ලෙන් දැකීමට උන්වහන්සේ කෙදිනක හෝ ඔබ සමග ක්‍රියාකර තිබේද? මනුෂ්‍යන් සමග, රැකියාවේදී හෝ මුදල් සම්බන්ධව ඔබ ඔබටම දමා ඇති සුව පහසු සීමාවන්ගෙන් පිටතට අඩිය තැබීමට දෙවියන්වහන්සේ ඔබට අඟවනවා මෙන් දැනෙනවාද? දෙවියන්වහන්සේ වෙනුවන් කරන සේවයෙහි හෝ උන්වහන්සේගේ සමග ඇති පෞද්ගලික සම්බන්ධතාවයේ නව මානයන් සොයා යාමට උන්වහන්සේ ඔබගේ හදවත හසුරවන බව හැඟෙනවාද?
යාච්ඤාව: යහපත් දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ උපාය මාර්ග නොදත් මා බොහෝවිට අපහසුතාවයටත්, ව්‍යාකූලත්වයටත් පත්වන්නේය. නමුත් මා නොදකින දේ ඔබ දකින බව මා දන්නා බැවින් මම ඔබගේ යහපත් කැඳවීමට කීකරු වෙමි. මා කීකරු වන විට මට ආශීර්වාද කරන ඔබවහන්සේ, එතුලින් මා අන් අයටද ආශිර්වාදයක් කරන බව විශ්වාස කරමි. යේසුස්වහන්සේගේ නාමයෙන් මා යාච්ඤා කරමි. ආමෙන්.
Blessings Out of Blastings – SIN
“මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක
ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක.“
(ගීතාවලිය 5:12)
දෙවියන් වහන්සේගේ සෙනඟ ගේ ජීවිතවල නිතර දකින්නට ලැබෙන්නේ චක්රයකි. කෙරිත් මිටියාවතේ ඔය සිඳී ගොස් එම නිසංසල කාලය අවසන් වුනා සේම, එලියා ශාරෙපත්හි ගතකල ප්‍රීතිමත් කාලය අවසන් කරමින්ද, දෙවියන්වහන්සේ සහ එලියා කෙරෙහි ඇති වැන්දඔුවගේ කෝපය අවුළමින්ද, ඛේදජනක ලෙස වැන්දඹුවගේ පුත්‍රයා මිය ගියේය (1 රාජාවලිය 17: 17-24 බලන්න).
ආශීර්වාද මාලාවක් පසුපස හඹා එන පිපිරීමක් දෙවියන්වහන්සේගේ සෙනඟට අසාමාන්‍ය දෙයක් නම් නොවේ. විශිෂ්ට ජයග්‍රහණ හඹා එන විශාල පරික්ෂාද විරල නැත. 1987 වර්ශයේ අප දේවස්ථානය පිහිටවන විට මා මෙය අත්දුටිමි. කළ හැකි සෑම ආකාරයෙන්ම උන්වහන්සේ අප සභාවට ආශිර්වාද කළසේක. හෝටල් කාමරයක 28 දෙනෙකුගේ සහාභාගීත්වයෙන් ආරම්භ වූ අප සභාව ඊට පසු සතිය වන විට සහභාගීත්වය 60 දෙනෙකු දක්වා වර්ධනය වී තිබුණි. කැපවීමෙන් සභාව වෙත ගලා ආ සෙනගගෙන් වර්ධනය වූ සභාවේ මිනිසුන් දිනපතා මුණගැසෙමින් මාද එහි වර්ධනය වෙනුවෙන් කැපවෙමින් සිටියෙමි.
නමුත් 1989 වර්ශයේ දී හදීසියේම මා ඩබල් නියුමෝනියා රෝගයට ගොදුරු විය. ඉහල බලමින් වැතිර සිටීම මිස වෙන මා හට කළ හැකි වෙන යමක් නොවීය. දෙවියන්වහන්සේ එලියා සමග කළාක් මෙන් මාද සඟවාගෙන නිශ්ශබ්දව සවන්දීමට අවස්ථාවක් පිළිගැන්වූ බව මට වැටහුණේය. උන්වහන්සේට මෙහෙකිරීම තුලින් පමණක් අන්‍යන්ට මෙහෙකිරීමේ හැකියාව මට ලැබෙන බව උන්වහන්සේ මට ඉගැන්වූ සේක. උන්වහන්සේගේ ශක්තියෙන් මිස මට කිසිත් නොකළ හැකි බව උන්වහන්සේ මට අවධාරණය කළසේක.
උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙනවානම් සෑම පිපිරීමක් තුළින්ම ආශිර්වාදයක් උන්වහන්සේ අප වෙත ගෙනෙනු ඇත.
යාච්ඤාව: යහපත් දෙවයන්වහන්ස, ජීවිතයේ දුෂ්කර කාලවලදී පවා ඔබගේ ආශීර්වාදය මා වෙත ඇති බව මතක් කළ නිසා ස්තූති කරමි. අද දිනට පිළිගන්වා ඇති ආශීර්වාද සොයාගැනීමට මට උපකාර කළ මැනව. යේසුස්වහන්සේගේ නාමයෙන් මා යාච්ඤා කරමි. ආමෙන්.
Facing a Crossroads – SIN
“ස්වාමීන්වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්-මමද මාගේ පවුලද ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය“ (යෝෂුවා 24:15).
1 රාජාවලිය 18 හි ඊශ්‍රායෙලිතයන් හරස් පාරක් අභියස සිටි අයුරු දැකිය හැක. දෙවියන්වහන්සේ කෙරෙහි තිබූ ගෞරවය ඔවුන්ගෙන් ගිලිහී තිබුණි. ඔවුන් ඒ වන විට උන්වහන්සේගෙන් ගව් ගණනක් ඈත්ව සිටියෝය. යාහවේ දෙවියන්වහන්සේව අනුගමනය කරන බව ඔවුන් පැවසුවත් තවදුරටත් උන්වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ කොටසක් නොවීය. ආත්මිකව නිදා සිටින මෙම සෙනඟ නැගිටවිය හැක්කේ තමන්වහන්සේගේ මහිමාන්විත බලය ඔවුන්ගේ පියවි ඇස් ඉදිරියේ විචිත්‍රවත් ලෙස දෘෂ්‍යමාන කිරීමෙන් බව උන්වහන්සේ දැන සිටිසේක. මෙම හැරවුම් ලක්ෂය ඔවුන්ගේ ජීවිතවල ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ එලියා තෝරාගත්සේක. සියල්ල තමන්ට එරෙහිව ඇති අවස්ථාවක තනි මනුෂ්‍යයෙකු වූ එලියා මිත්‍යාදෘෂ්ටික නායකයන්ට එරෙහිව තනිව නැගී සිටිමින් දෙවියන්වහන්සේගේ බලය ප්‍රකාශකලේය.
1 රාජාවලිය 18: 22-39 හි මිනිසුන් දකින්නේ අමුතුම ආකාරයේ තරඟයකි. වෙන වෙනම පිළියල කරන ලද දර පූජාසන දෙකක කැබලි කළ ගොනුන් දෙදෙනෙකි. අධිස්වාභාවික ලෙස පූජාසනය දැල්වීමට හැක්කේ බාල්ටද? නැතිනම් යෙහොවා දෙවියන්වහන්සේටද? පූජාසනය වටා නටමින්, මොරගසමින්, කඩුවලින් පවා තමන්ව කපාගනිමින් කිසිදා නොඇහැරුණ තමන්ගේ ව්‍යාජ දෙවියන් අවධි කිරීමට වෙර දරණ මිත්‍යාදෘෂ්ටික පූජකයන් අටසිය පනස් දෙන දෙස එලියා බලාසිටින්නේ සැබෑ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය කෙරෙහි ඇති පූර්ණ විශ්වාසයකිනි.
එලියා ඉදිරිපත් විය. මිනිසුන් විසින් මෙතෙක් නොසලකා හැරි දෙවියන්වහන්සේ වෙනුවෙන් වෙන්වූ පූජාසනය ඊශ්‍රායෙල් ගෝත්‍ර ගණන ලෙස ගල් දොළසක් තබා එලියා පිළියල කළේය. ජලය ගෙන පූජාසනයේ දර මත වැගිරවූ එලියා එයින් පවසා සිටියේ දැන් සිදුවීමට යන දෙය දෙවියන්වහන්සේගේ අසීමිත බලය නිසා සිදුවනවා මිස එය තවත් එක් ඇස්බැන්ඳුමක් නොවන බවය. එලියා යාච්ඤා කළේය. දෙවිවූ ස්වාමින්වහන්සේද වහා තමන් වෙනුවෙන් වෙන්වූ පූජාසනයට ගිනි ඇවිළවූසේක. මෙතෙක් නිදා සිටි ඊශ්‍රායෙල් සෙනඟ අවදිව වැඳ වැටෙමින් “ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය“(1 රාජාවලිය 18:39).
අප තුළ ගින්නක් ඇති කර එ් තුලින් අපව පවිත්‍ර හා පිරිසිදු කිරණ පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැඟිටීමේ බලය අපට ලැබී ඇත. අධ්‍යාත්මික ගමනේදී අප යම් හරස් පාරක් අභියසට පැමිණි විට, නිවැරදි මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා සැමවිටම දෙවියන්වහන්සේ වෙතට හැරී යා යුතුය.
යාච්ඤාව: යහපත් පියාණෙනි, මිථ්‍යාදෘෂ්ටික නායකයින්ට එරෙහිව නැගී සිටීමට එලියා තුළවූ ධෛර්යය ගැන ඔබවහන්සේට ස්තුති කරමි. හරස් පාරක් අභියස නිවැරදි තොරාගැනීම මා විසින් කරන පිණිස උපකාර ඔබෙන් අයදිමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමි. ආමේන්.