දෙවියන්වහන්සේගේ උපාය මාර්ග
God’s Strategies – SIN
“ස්වාමීන්වහන්සේද නුඹලාගේ සිත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත් ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා“ ( 2 තෙසලෝනික 3:5).
එලියා සීමිත සම්පත් ඇති තනි පුද්ගලයෙක් වූ නුමුත් තම ජාතියේ ප්‍රමුඛතාවන් වෙනස් කිරීමට ඔහු සමත් විය. පරාර්ථකාමීව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට රොටිය සාදා දීම මගින් වැන්දඹුවද යම් වෙනසකට බලපෑමක් කළාය. දෙවියන්වහන්සේ විසින් තම සෙනඟගේ හදවත් වල අමුතු මෙහෙයුම් තබන අතර, උන්වහන්සේගේ එම පරමාධිපත්‍යයේ කැමැත්තට ඔවුන් යටත් වන විට එම කීකරුකමට උන්වහන්සේ ආශීර්වාද කරන සේක.
බොහෝ විට දෙවියන් වහන්සේගේ උපාය මාර්ගයන් ගැන අපට අවබෝධයක් නොමැත. උන්වහන්සේගේ මෙන් අසීමිත දැක්මක් නැති මනුෂ්‍යන් වන අපගේ සීමා සහිත බව මෙයට හේතුවයි. විටක දෙවියන්වහන්සේ විසින් එලියා සතුරන්ගේ මරු කටට යවන විට ආහබ් රජුගේ සොල්දාදුවන් ඔහු සොයමින් එහි ඒමට ඇති අවස්ථාව ඉතාමත් විරළ බව උන්වහන්සේ දැන සිටි සේක. තවද සාගතයක් තිබේ යයි බැලූ බැල්මට පෙනෙන ශාරෙපත් වල එලියාගේ කුසගින්නට මිදීම ඇති බව දෙවියන්වහන්සේ දැන සිටි සේක. මේ අතර බාල් නමස්කාර කළ වැන්දඹුව හා ඇයගේ පවුල ගැන තමන්වහන්සේ අවධානය දුන් බව එලායාට පෙන්වාදීමද සැලකිය යුතුය.
බොහෝ පාර්ශව සමග එකම අවස්ථාවේ ක්‍රියාකරන විට දෙවියන්වහන්සේට විවිධ වූ අරමුණු කිහිපයක් ඇති බව දැකිය හැක. උන්වහන්සේගේ මග පෙන්වීම තුල අප ගමන්කරන්නේ නම් උන්වහන්සේගේ ආශීර්වාද ලබමින් තවත් කෙනෙකුට ආශිර්වාදයක් වීමේ අවස්ථාද අපට බොහෝ ඇත.
කරන අතරතුර කිසිම තේරුමක් නැතැයි හැඟුනු යමක් යථාකාලයේ දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යයෙන් සැලසුම් කළ දෙයක් බව ඇදහිල්ලෙන් දැකීමට උන්වහන්සේ කෙදිනක හෝ ඔබ සමග ක්‍රියාකර තිබේද? මනුෂ්‍යන් සමග, රැකියාවේදී හෝ මුදල් සම්බන්ධව ඔබ ඔබටම දමා ඇති සුව පහසු සීමාවන්ගෙන් පිටතට අඩිය තැබීමට දෙවියන්වහන්සේ ඔබට අඟවනවා මෙන් දැනෙනවාද? දෙවියන්වහන්සේ වෙනුවන් කරන සේවයෙහි හෝ උන්වහන්සේගේ සමග ඇති පෞද්ගලික සම්බන්ධතාවයේ නව මානයන් සොයා යාමට උන්වහන්සේ ඔබගේ හදවත හසුරවන බව හැඟෙනවාද?
යාච්ඤාව: යහපත් දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ උපාය මාර්ග නොදත් මා බොහෝවිට අපහසුතාවයටත්, ව්‍යාකූලත්වයටත් පත්වන්නේය. නමුත් මා නොදකින දේ ඔබ දකින බව මා දන්නා බැවින් මම ඔබගේ යහපත් කැඳවීමට කීකරු වෙමි. මා කීකරු වන විට මට ආශීර්වාද කරන ඔබවහන්සේ, එතුලින් මා අන් අයටද ආශිර්වාදයක් කරන බව විශ්වාස කරමි. යේසුස්වහන්සේගේ නාමයෙන් මා යාච්ඤා කරමි. ආමෙන්.