හරස් පාරක් මුණගැහෙන විට
Facing a Crossroads – SIN
“ස්වාමීන්වහන්සේට සේවය කිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්-මමද මාගේ පවුලද ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය“ (යෝෂුවා 24:15).
1 රාජාවලිය 18 හි ඊශ්‍රායෙලිතයන් හරස් පාරක් අභියස සිටි අයුරු දැකිය හැක. දෙවියන්වහන්සේ කෙරෙහි තිබූ ගෞරවය ඔවුන්ගෙන් ගිලිහී තිබුණි. ඔවුන් ඒ වන විට උන්වහන්සේගෙන් ගව් ගණනක් ඈත්ව සිටියෝය. යාහවේ දෙවියන්වහන්සේව අනුගමනය කරන බව ඔවුන් පැවසුවත් තවදුරටත් උන්වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ කොටසක් නොවීය. ආත්මිකව නිදා සිටින මෙම සෙනඟ නැගිටවිය හැක්කේ තමන්වහන්සේගේ මහිමාන්විත බලය ඔවුන්ගේ පියවි ඇස් ඉදිරියේ විචිත්‍රවත් ලෙස දෘෂ්‍යමාන කිරීමෙන් බව උන්වහන්සේ දැන සිටිසේක. මෙම හැරවුම් ලක්ෂය ඔවුන්ගේ ජීවිතවල ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ එලියා තෝරාගත්සේක. සියල්ල තමන්ට එරෙහිව ඇති අවස්ථාවක තනි මනුෂ්‍යයෙකු වූ එලියා මිත්‍යාදෘෂ්ටික නායකයන්ට එරෙහිව තනිව නැගී සිටිමින් දෙවියන්වහන්සේගේ බලය ප්‍රකාශකලේය.
1 රාජාවලිය 18: 22-39 හි මිනිසුන් දකින්නේ අමුතුම ආකාරයේ තරඟයකි. වෙන වෙනම පිළියල කරන ලද දර පූජාසන දෙකක කැබලි කළ ගොනුන් දෙදෙනෙකි. අධිස්වාභාවික ලෙස පූජාසනය දැල්වීමට හැක්කේ බාල්ටද? නැතිනම් යෙහොවා දෙවියන්වහන්සේටද? පූජාසනය වටා නටමින්, මොරගසමින්, කඩුවලින් පවා තමන්ව කපාගනිමින් කිසිදා නොඇහැරුණ තමන්ගේ ව්‍යාජ දෙවියන් අවධි කිරීමට වෙර දරණ මිත්‍යාදෘෂ්ටික පූජකයන් අටසිය පනස් දෙන දෙස එලියා බලාසිටින්නේ සැබෑ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය කෙරෙහි ඇති පූර්ණ විශ්වාසයකිනි.
එලියා ඉදිරිපත් විය. මිනිසුන් විසින් මෙතෙක් නොසලකා හැරි දෙවියන්වහන්සේ වෙනුවෙන් වෙන්වූ පූජාසනය ඊශ්‍රායෙල් ගෝත්‍ර ගණන ලෙස ගල් දොළසක් තබා එලියා පිළියල කළේය. ජලය ගෙන පූජාසනයේ දර මත වැගිරවූ එලියා එයින් පවසා සිටියේ දැන් සිදුවීමට යන දෙය දෙවියන්වහන්සේගේ අසීමිත බලය නිසා සිදුවනවා මිස එය තවත් එක් ඇස්බැන්ඳුමක් නොවන බවය. එලියා යාච්ඤා කළේය. දෙවිවූ ස්වාමින්වහන්සේද වහා තමන් වෙනුවෙන් වෙන්වූ පූජාසනයට ගිනි ඇවිළවූසේක. මෙතෙක් නිදා සිටි ඊශ්‍රායෙල් සෙනඟ අවදිව වැඳ වැටෙමින් “ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය“(1 රාජාවලිය 18:39).
අප තුළ ගින්නක් ඇති කර එ් තුලින් අපව පවිත්‍ර හා පිරිසිදු කිරණ පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැඟිටීමේ බලය අපට ලැබී ඇත. අධ්‍යාත්මික ගමනේදී අප යම් හරස් පාරක් අභියසට පැමිණි විට, නිවැරදි මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා සැමවිටම දෙවියන්වහන්සේ වෙතට හැරී යා යුතුය.
යාච්ඤාව: යහපත් පියාණෙනි, මිථ්‍යාදෘෂ්ටික නායකයින්ට එරෙහිව නැගී සිටීමට එලියා තුළවූ ධෛර්යය ගැන ඔබවහන්සේට ස්තුති කරමි. හරස් පාරක් අභියස නිවැරදි තොරාගැනීම මා විසින් කරන පිණිස උපකාර ඔබෙන් අයදිමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමි. ආමේන්.